ඡන්දය ලබන වසර මුල අනිවාර්යයි - ඇමති ෆයිසර්ගෙන් සහතිකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

ඡන්දය ලබන වසර මුල අනිවාර්යයි - ඇමති ෆයිසර්ගෙන් සහතිකයක්

ඡන්දය ලබන වසර මුල අනිවාර්යයි - ඇමති ෆයිසර්ගෙන් සහතිකයක්

2017 වසරේ මුල් භාගයේදී පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) මල්වතු මහ විහාර පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා මහ නා හිමියන් හමුවේ කියාසිටියේ, " පළාත් පාලන මැතිවරණය හිතාමතා කිසිකෙනෙක් පරක්කු කරන්නේ නෑ. සීමා නීර්ණ ක්‍රියාවලියේ පවතින ගැටළු සම්බන්ධයෙන් සියළුදෙනාට පිළිගත හැකි එකඟතාවයට පැමිණි පසුව ලබන වසරේ මුල් භාගයේ අනිවාර්යයෙන්ම මැතිවරණය තියන්න කටයුතු කරනවා"යනුවෙනි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් දැක්වීය.

අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ, " ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගිය අය අවසානයේ අවලංගු කාසි බවට පත්වූ බව අපිට ඕන තරම් නිදසුන් තියෙනවා. අවසානයේ ඒ අයට නැවත පක්ෂයට එන්න වුණා. පක්ෂයට ආදරයක් තියෙන අය පක්ෂය කඩන්න එකතු වෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට එක්සත් ජාතික පක්ෂය ලබාදුන් කොන්ත්‍රාත්තුව භාරගත් අය තමයි පක්ෂය කඩන්න මූලික වෙලා ඉන්නේ" ලෙසයි.

මහනුවර - කමල් සුරවීර

No comments:

Post a Comment

Post Bottom Ad