මැච් එක බලන්න ටිකට් නැතිව දඹුල්ලේදී මහජනයාගෙන් පොලිසියට ප්‍රහාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

මැච් එක බලන්න ටිකට් නැතිව දඹුල්ලේදී මහජනයාගෙන් පොලිසියට ප්‍රහාර



ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දඹුල්ල ක්‍රීඩාංගණයේ ඊයේ (31) පැවැති සිවුවැනි එක්දින ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණ ක්‍රීඩාංගණය තුළට යාමට නොහැකිව කලහකාරී ලෙස හැසිරුණු ක්‍රීඩාලෝලීන් පිරිසක්
එල්ල කළ ගල්මුල් ප්‍රහාරයකින් මාතලේ කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරින් 13 දෙනකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළු කර ඇත.
ඊයේ සවස 4.00 – 5.00 අතර කාලය තුළ ඇතිවූ මෙම සිද්ධියෙන් මාතලේ කොට්ඨාස බාර පොලිස් අධිකාරී අයි. බී. ටී. සුගතපාල, මහනුවර පොලිස් පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. එදිරිසිංහ මහත්වරුන් ඇතුළු පොලිස් පරීක්ෂකවරුන්, උප පොලිස් පරීක්ෂකවරුන් හා සැරයන්වරුන් පිරිසක් මෙලෙස තුවාල ලබා ඇත.
ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට

ක්‍රීඩාංගණයට ඇතුළුවීමට නොහැකි වූ අතර ඔවුන් දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර වන සේ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම ගැටුම සිදුව ඇත. කලහකාරී පිරිස් රථවාහන සහ පොදු දේපළවලට හානිවනසේ ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඔවුන් පාලනය කිරීමට පොලිසිය ක්‍රියා කිරීමේදී මෙම ගැටුම සිදුවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි¬ෙයක් පැවැසීය.
මේ අතර මීට පෙර තරගයේදී ද ක්‍රීඩාලෝලීන් විශාල පිරිසකට ක්‍රීඩාංගණය තුළට යාමට නොහැකිව ක්‍රීඩාංගණය ඉදිරිපස නොසන්සුන්තාවක් ඇතිවූ අතර මේ නිසා මෙම තරගයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදීමටත් විවිධ ප්‍රදේශවල පොලිස් නිලධාරීන් ඒ සඳහා අනුයුක්ත කිරීමටත් මධ්‍යම දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතා පියවර ගෙන තිබිණි.
මෙලෙස තුවාල ලැබූ පොලිස් නිලධාරින්ගෙන් බරපතළ තත්ත්වයේ පසුවන අය මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
ඉන්දික පොල්කොටුව

No comments:

Post a Comment

Post Bottom Ad