නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍ලයට මහ සෙනඟක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍ලයට මහ සෙනඟක් (PHOTOS)

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍ලයට මහ සෙනඟක් (PHOTOS)

යාපනය ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික පූජා මංගල්ලය පසුගියදා ආරම්භ වූ අතර ඒ වෙනුවෙන් දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ 03කට අධික පිරිසක් සහභාගීවී ඇති බවට නල්ලූර් කෝවිල් භාරකාර පූජක මණ්ඩලය ප්‍රකාශ කරයි.

පුරා මසකට ආසන්න කාලයක් නල්ලූර් කෝවිලේ වාර්ෂික පූජාවන් පැවත්වෙන අතර එම දිනයන්හිදී කෝවිල වටා තේරු රථය රැගෙන යන අතර හෙටින් (02) එය නිමාවට පත්වේ.

නල්ලූර් කෝවිලේ සිදුකෙරෙන ප්‍රධානතම පූජාව මෙම තේරු රථ පූජාව වන අතර තේරු රථය දින 20 ක් කෝවිල වටා රැගෙන යාම සිදු කරයි.

එහිදී සියලු බැතිමතුන් විසින් සිය බාර හාරයන් ඔප්පු කර ගැනීම සිදු කෙරේ.

මෙවර නල්ලූර් වාර්ෂික උත්සවය වෙනුවෙන් උතුරේ සිට විදෙස්ගතව සිටින විශාල බැතිමතුන් පිරිසක් ද විදේශිකයින් රැසක් ද දිවයිනේ විවිධ පලාත්වල සිට පැමිණි විශාල බැතිමතුන් පිරිසක් ද සහභාගී වූ බව කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.

යුද සමයෙදී නල්ලුර් කෝවිලේ වාර්ෂක උත්සවයන් සඳහා ඉතාම අඩු බැතිමතුන් පිරිසක් සහභාගී වුවත් යුද්දයෙන් පසුව වසරින් වසර වාර්ෂික උත්සවය වෙනුවෙන් සහභාගී වන බැතිමත් පිරිස වැඩි වන බව නල්ලූර් කෝවිල් භාරකාර මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

No comments:

Post a Comment

Post Bottom Ad