ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීමේ හා වෙනසක් ඇති කිරීමේ කොටස්කරුවන් වන්නේ මෙරට තරුණ ප්‍රජාව බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ප්‍රකාශ කරයි.
මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ 'ලොව සංහිඳියාව හා සහජීවනය ගොඩනැඟීම සඳහා වන තරුණයන්ගේ කාර්යභාර්ය' යන තේමාවෙන් අද (01) ගාල්ලේ දී පැවැති තරුණ හමුවකදී ය.
ජාතික තරුණ සේවා සභාව, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතාවය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික කාර්යාලය එක්ව එම සමුළුව සංවිධානය කර තිබිණි.
මහ ලේකම්වරයාගේ බිරිඳ සූන් ටික් මහත්මිය, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු පිළබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, දකුණු පළාත් මහ ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේ මහතා, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක උනා මැකෝලි යන මහත්මමහත්මීහුද සහභාගී ඊට වූහ.
ජගත් මහ ලේකම්වරයා ඉන් අනතුරුව ගාලූ සංචාරය සනිටුහන් කරමින් සාමය පිළිබඳ ප්‍රතිඥාවකට ද අත්සන් තැබීය.
No comments:
Post a Comment