'අලුත් පක්ෂයක් අවශ්‍යය නෑ' - මහින්ද යාපා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

'අලුත් පක්ෂයක් අවශ්‍යය නෑ' - මහින්ද යාපා (VIDEO)

'අලුත් පක්ෂයක් අවශ්‍යය නෑ' - මහින්ද යාපා (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අලුතින් පිහිටුවන බව කියන පක්ෂය පිළිබඳව එහි නියෝජිතයින්ගෙන් පරස්පර අදහස් පළවිය.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ අලුත් පක්ෂයක් සෑදීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ පවතින තත්තවය තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වෙමින් රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් තමන් කටයුතු කරන බව ජනතාවට පැවසුවහොත් එවැනි ස්වාධීන කණ්ඩායම් වටා ජනතාව මීටත් වඩා එක්රැස් වන බවයි.

කෙසේ වෙතත් නව පක්ෂය නියමිත වේලාවේදී බිහිවනු ඇතැයි මාධ්‍ය හමුවට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහ බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.  

නව පක්ෂයේ ව්‍යවස්ථාව මේ වනවිට සකස් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළවිට බන්දුල ගුණවර්ධන මහතා ඊට පිළිතුරු දෙමින් කියාසිටියේ එය ඔහුගේ පෞද්ගලික අදහසක් බවයි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad