'ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පෙනී සිටිනවා' - ජනපති (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

'ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පෙනී සිටිනවා' - ජනපති (VIDEO)

'ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පෙනී සිටිනවා' - ජනපති (VIDEO)

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙරටට එල්ල කරන ලද චෝදනාවලින් නිදහස්වීමට සැවොම එක්ව කටයුතු කළයුතු බවත් දේශපාලන වේදිකාවල හඬනගන බොල් දේශප්‍රේමීන් මෙන් නොව මෙරට ත්‍රිවිධ හමුදාවල සැබෑ ආරක්ෂාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලි සමාප්ති උත්සවයට සහභාගීවෙමිනි.

එහිදී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියාසිටියේ, " ශ්‍රී ලංකා රජය විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා අපිට වෙනස් ආකාරයේ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඉතා පැහැදිලිව මම සඳහන් කරන්න ඕන මගේ, ඔබේ උතුම් මාතෘ භූමිය කිසිදු විදේශීය බලවේගයකට හෝ බලපෑමකට කිසිවිටකත් මම ඔළුව පහත් කරන්නේ නෑ. යටත්වෙන්නේ නෑ කියන එක ඉතාම පැහැදිලිව මම සඳහන් කරන්න ඕන" යනුවෙනි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad