මෙම වසර අවසන්වීමට පෙර විශ්වවිද්‍යාල සඳහා තාක්ෂණ පීඨ 05ක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා මතු කළ වාචික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමිනි.
තාක්ෂණ විද්‍යාගාර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විමසූ එම ප්‍රශ්නයටම පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියාසිටියේ,"මේ වනවිට තාක්ෂණ විද්‍යාගාර 913ක් විවෘත කර තිබෙනවා. එම විද්‍යාගාර සඳහා උපාංග මිලදී ගැනීමට වැයකර ඇති මුදල රුපියල් මිලියන 7.2ක්. තාක්ෂණ විද්‍යාගාර සඳහා ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කරනවා. එදා ගොඩනැගිලි හදන්න කලින් උපකරණ අරගෙන තිබෙනවා. ගුරුවරු බඳවා ගැනීමට නිසි ලෙස කටයුතු කර නෑ. එදා සිදුව තිබූ දෝෂ රැසක් අපි නිවැරැදි කරගෙන යනවා. තාක්ෂණ විෂය අවශ්‍ය ප්‍රමාණයට ඇතුළත් කරනවා. ඉල්ලීම් තිබුණට තාක්ෂණ විද්‍යාගාර සඳහා, නිර්ණායක මතයි ලබා දෙන්නේ. එය ක්‍රමාණුකූලව අවශ්‍යතාවය අනුව සිදු කරනවා." ලෙසයි.
No comments:
Post a Comment