ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ගෘහ සේවය සදහා කාන්තාවන් හා පිරිමි පුද්ගලයින් විදේශගත කරන ගලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ස්ථානයක් වටලා එහි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබේ.
දඹුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර කාලයක් තිස්සේ සැකකාර කාන්තාව විසින් ව්‍යාජ ලෙස තොරතුරු සකසා සංචාරක වීසාවලට කාන්තාවන් හා පිරිමින් විදේශ රැකියාවන් සදහා මැදපෙරදිග රටවලට යවා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
වැටලීම් කණ්ඩායම ස්ථානයට යන විටද අන් අයගේ විදේශ ගමන් බලපත් 12ක්, තවත් විසා බලපත් රැසක්, ඡායාරුප රැසක්, ව්‍යාජව සැකසු ලියකියවිලි විශාල ප්‍රමාණයක් එහි තිබී සොයාගෙන තිබේ.
මේ ආකාරයෙන් විදේශ ගතකර ඇති කාන්තාවන් රැසක් මැදපෙරදිග රටවල අතරමංවී සිටින බවත් මේ සියලු දෙනා සංචාරක විසා වලට යවා ඇතිබවත් පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
මේ කාන්තාව කාලයක සිට ගලේවෙල ප්‍රදේශයේ රැදී සිටිමින් ජාවාරම සිදු කර ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව පරීක්ෂණ කණ්ඩායම සඳහන් කරයි.
ගලේවෙල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යන අයකුගේ සහය මේ සදහා ලැබී ඇතිදැයි පරීක්ෂණ පවත්වන බව නිලධාරින් වැඩිදුරටත් කියාසිටියේය.
ඡායාරූප පහතින්.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
No comments:
Post a Comment