ඊයේ (22) රාත්‍රියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
පොලීසිය සඳහන් කළේ මේ වනවිට සිද්ධිය පිළිබඳව අදාළ සිසුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට පියවර ගෙන ඇති බවයි.
සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රී මෙම ගැටුම හටගෙන තිබුණු අතර එහිදී තුවාල ලැබු සිසුන් 05 දෙනෙකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියාසිටියේය.
පසුගියදා එම පීඨයේ පැවති රැස්වීමකට සිසුන් පිරිසක් සහභාගී නොවීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වු බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන් වේ.
මේ අතර මෙම ගැටුම ජාතිවාදී පදනමකින් ඇති වු බවට ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.
එම ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ මහතා සඳහන් කළේ එවැනි ප්‍රචාර තරයේ හෙළාදකින බවයි.
No comments:
Post a Comment