උතුරේ සංවර්ධනය වෙනුවෙන් වූ ව්‍යාපාරික සමුළුවක් ඊයේ (22) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයින් මෙන්ම උතුරේ පදිංචිව විදේශගතව සිටින ව්‍යාපාරිකයින් රැසක් ද සහභාගී විය.
මෙම සමුළුව උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්කුරේ මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී උතුරේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් කාරණා රැසක් සාකච්ඡාවට ලක්කොට තිබේ.
එහිදී අදහස් දැක්වූ උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්කුරේ මහතා කියා සිටියේ මෙම ව්‍යාපාරික සමුළුව ඉතා සාර්ථක වුවක් බවත් මේ වන විටත් එය ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරය දක්වා ද පැතිර ඇති නිසා ඉදිරියේදී උතුරේ කර්මාන්තශාලා ඇති වී උතුරේ ජනතාවට යහපත් හෙට දවසක් දැකීමට ඉඩ ප්‍රස්තාව හිමිවන බවත්ය.
මෙම ව්‍යාපාරික සමුළුව වෙනුවෙන් ලංකාවේ ආයොජකයින් මෙන්ම උතුරේ පදිංචිව මේ වන විට විදෙස්ගතව ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයින් විශාල පිරිසක් රැස්වූ අතර ඔවුන් කියාසිටියේ විශේෂයෙන්ම තමන් උපන් පලාතේ මෙවන් ව්‍යාපාරික සමුළුවක් පැවත්වීම සම්බන්ධයෙන් ප්‍රශංසා කරන බවත් තම උපන් පලාතේ දියුණුව වෙනුවෙන් උපරිම සේවාවක් සිදු කිරීමට පියවර ගන්නා බවත්ය.
මෙම අවස්ථාවට අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන්, අමාත්‍ය මහින්ද අමරවීර, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සර්වණබවන් මහතා, ශිවමෝහන් මහතා උතුරු පලාත් සභාවේ සභාපති සී.වී. කේ. ශිවඥානම් මහතා, උතුරු පලාත් කෘෂීකර්ම අමාත්‍ය පී. ඩෙනිස්වරන් මහතා මෙන්ම ආයෝජක සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ආර්ථික සංවර්ධන මණ්ඩලයන්හි නිලධාරීහුද සහභාගී වී සිටියහ.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
No comments:
Post a Comment