පස් කන්දක් කඩා වැටී හැටන් - නෝටන්බ්‍රිජ් මාර්ගය වැසෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

පස් කන්දක් කඩා වැටී හැටන් - නෝටන්බ්‍රිජ් මාර්ගය වැසෙයි (PHOTOS)

පස් කන්දක් කඩා වැටී හැටන් - නෝටන්බ්‍රිජ් මාර්ගය වැසෙයි (PHOTOS)

අධික වර්ෂාව හේතුවෙන් හැටන් - නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගසක් සමග පස් කන්දක් වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (23) පස්වරු 2.00 සිට සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව හැටන් පොලීසිය ප්‍රකාශ කරයි.

එම මාර්ගයේ කාසල්රී ජලාශ වේල්ලට ආසන්නයේ මෙම ගස කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් මාර්ගය අසල තිබු අධි බලැති විදුලි රැහැන් කණුවලට සහ විදුලි රැහැන්වලට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් නෝටන්බ්‍රිජ්, ලක්‍ෂපාන යන ප්‍රදේශවල ගමනාගමන කටයුතු ද සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබේ.

හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගය යථා තත්ත්වයට පත්කරන තෙක් ගිනිගත්හේන - දියගල මාර්ගය භාවිතා කරන ලෙසයි.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ.

No comments:

Post a Comment

Post Bottom Ad