අද (23) රාත්‍රියේ සිට කොළඹ නගරය තුළ සවි කර ඇති සියළු අනවසර ප්‍රචාරක දැන්වීම් පුවරු ඉවත් කිරීමට පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාවේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
මහ නගර සභාවේ විධිමත් අනුමැතියකින් තොරව නගරයේ අලංකාරයට හානිවන ආකාරයෙන් සහ අනාරක්ෂිත අයුරින් සවිකර ඇති සියලු ප්‍රචාරක දැන්වීම් පුවරු ඉවත් කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයෙහි සඳහන් වේ.
ඒ අනුව නගරය තුළ සවිකර ඇති සියලු අනවසර ප්‍රචාරක දැන්වීම් පුවරු කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස ඒවා සවිකර ඇති ආයතනවලින් කොළඹ මහනගර සභාව ඉල්ලීමක් කරයි.
එසේ නොවුණහොත් එම අනවසර ප්‍රචාරක පුවරු ගලවා ඉවත් කිරීම සඳහා සභාවට දැරීමට සිදුවන වියදම අදාළ දැන්වීම් සවිකර ඇති ස්ථානවල හිමිකරුවන්ගෙන් සහ අදාළ ආයතන වෙතින් අය කරගැනීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
No comments:
Post a Comment