යුද සමයේදී අතුරුදන්වූ පුද්ගලයින්ගේ දෙමව්පියන් හා ඥාතීන් අද (30) උදෑසන වව්නියාව, මන්නාරම, මුලතිවු හා කිළිනොච්චි යන පළාත්වලදී උද්ඝෝෂණ කිහිපයක් සංවිධානය කොට තිබිණි.
ඒ ඒ ප්‍රදේශවල නගරාශ්‍රිතව උද්ඝෝෂණ වල නිරත පිරිස් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත පා ගමනින් ගොස් ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත් යොමු කිරීම පිණිස ලිපි කිහිපයක් දිසාපතිවරුන්ට භාරදීමට පියවර ගෙන තිබේ.
එම ලිපිවල සදහන්ව ඇත්තේ යුද සමයේදී අතුරුදහන් වූ සිය ඥාතීන් සොයා දෙන ලෙසයි.
අගෝස්තු 30 වෙනිදාට යෙදී ඇති අතුරුදන්වූවන් පිළිබදව වූ ජාත්‍යන්තර දිනය සැමරීම පිණිස ඔවුන් මෙම ක්‍රියාදාමය අනුගමනය කොට ඇති බව අතුරුදන්වූවන්ගේ ඥාතී සංගමයේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් මහතා පැවසීය.
මීට අමතරව කොළඹ කැළණිය ප්‍රදේශයේදී මහා සමුළුවක් පවත්වා අතුරුදන්වූවන් සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට නියමිත බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඡායාරූප පහතින්.
දිනසේන රතුගමගේ
No comments:
Post a Comment