බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් පැමිණිලි 9ක් පිළිබඳව සිදුකරන පරීක්ෂණ මේ වනවිට අවසන් කර ඇතැයි වාර්තා වේ.
එම පරීක්ෂණ වාර්තා ඉදිරියේ දී ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිත බවත් අදාළ වාර්තා සකස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම පවසයි.
වාර්තා සකස් කර අවසන් වු වාර්තා තුනක් මේ වනවිටත් ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා වෙත බාර දී ඇති බව එම කොමිසම සඳහන් කරයි.
බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණිලි 1500කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර විෂය පථයට අදාළ නොවන පැමිණිලි ද ඒ අතර වන බව වාර්තා වේ.
No comments:
Post a Comment