බෝපේ පොද්දල ප්‍රාදේශිය සභාවේ සභා ලේකම්වරිය මාරුකිරිමට විරෝධය දක්වා කළේගානේ ප්‍රාදේශිය සභා කාර්යාලයේ සිට පා ගමනින් පැමිණි විරෝධතාකරුවන් පිරිසක් දකුණු පළාත් සභාව වට කොට අද (23) උදෑසන දැවැන්ත විරෝධතාවයක නිරතවුහ.
උද්ඝෝෂණයේ නිරත වූ විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ බෝපේ, පෝද්දල සභා ලේකම්වරියගේ ස්ථාන මාරුව වහාම අත්හිටුවා ජනතාවට සාධාරණය ඉටුකර දෙන ලෙසයි.
මෙම විරෝධතාවය සදහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ප්‍රධාන පක්ෂවල නියෝජිතයින් රැසක් එක්ව සිටිම විශේෂත්වයකි.
එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ මහතා කියාසිටියේ," මේ සභා ලේකම්වරිය ඉතා හොදින් වැඩ කරපු නිලධාරිනියක්. ඇය හිටිහැටියේ මාරු කිරිම වැරදියි. මෙයට අපේ දැඩි විරෝධය පලකරනවා. මේ විරෝධතාවයට සියලු පක්ෂවල නියෝජිතයින් පැමිණ ඉන්නවා. මේ නියෝජනය වන්නේ පොදු මහජනතාවගේ මතයයි. මේ මාරුවීම අවලංගු කළේ නැත්නම් ඉදිරියේ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා." ලෙසය.
විරෝධතාකරුවන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලා ද සිල්වා මහතා හමුවූ අතර එහිදී ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, " මේ ස්ථාන මාරුවීම කරලා තියෙන්නේ නිත්‍යානුකුලව. රාජ්‍ය සේවා කොමිසම් සභාවේ අනුමැතියට යටත්ව තමයි මාරුවීම් කරලා තියෙන්නේ. මේ නිලධාරිනිය මාරුකරන්න එපා කියලා හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් ලිපියකට අත්සන් කළත් ඇතැම් මන්ත්‍රීවරු මට ඇවිත් කීවා, හිටපු මන්ත්‍රීවරු දෙදෙනෙකු ලිපියක් අරගෙන ගෙදරට ආවා ඒ නිසා ඔවුන් අත්සන් කළා කියලා. මේ නිලධාරිනියගේ ගැටළුත් කීවා. මට මේ ගැන අදාල අංශවලට දන්වන්න පුළුවන්" බවය.
ඡායාරූප පහතින්.
ගාල්ල - ලලිත් චාමින්ද
No comments:
Post a Comment