ෆේස් බුක් මඟින් හඳුනා ගෙන තමන් වැඩ වාසය කළ විහාරස්ථානයට කැඳවා යුද හමුදා සෙබළකුව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන චීවරධාරියකු මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ 25 හැවිරිදි චීවරධාරියෙකි. අතවරයට ලක්ව ඇත්තේ වවුනියාව – කනගරායන්කුලම් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන 25 හැවිරිදි සෙබළෙකි.
ඔහු හික්කඩුවේ පදිංචිකරුවෙකි. මෙම හමුදා සෙබළා මේ දිනවල කොත්මලේ පිහිටි භාෂා පුහුණු කඳවුරේ පුහුණුවක් ලබමින් සිටී. පසුගිය 24 වැනිදා මාදම්පේ ප්‍රදේශයට පැමිණ ඇති අතවරයට ලක්ව ඇති හමුදා සෙබළා සැකකාර චීවරධාරියා ලැගුම් ගෙන සිටින විහාරස්ථානයේ නවාතැන් ගෙන ඇත.
සෙබළා නැවතත් 27 වැනිදා කොත්මලේ පිහිටි භාෂා පුහුණු මධ්‍යස්ථානයට වාර්තා කර ඇත. එහිදී ඔහු රෝගී තත්ත්වයට පත්වීම නිසා කඳවුරේ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කර ඇත. නමුත් රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හමුදා සෙබළා ගම්පළ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ හමුදා සෙබළා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවයි. ගම්පළ රෝහල් පොලිසියෙන් ලද පණිවුඩයකට අනුව මාදම්පේ පොලිසියේ නිලධාරියකු එහි ගොස් අතවරයට ලක්ව ඇති හමුදා සෙබළාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.
සැකකාර චීවරධාරියා සහ තමන් හඳුනා ගත්තේ ෆේස්බුක් මඟින් බවත් ඒ ඔස්සේ කාලයක් දෙදෙනා අදහස් හුවමාරු කරගත් බවත් සෙබළා පොලිසිය හමුවේ පවසා ඇත. පසුව සැකකාර චීවරධාරියාගේ ඉල්ලීමකට අනුව පසුගිය 24 වැනිදා තමන් මාදම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණ 26 වැනිදා දක්වා එහි නවාතැන් ගෙන සිටි බවත් සෙබළා පවසා ඇත.
තමා නවාතැන් ගෙන සිටියේ සැකකාර චීවරධාරියා ලැගුම් ගෙන සිටි විහාරස්ථානයේ බවත් එම දින 03ක කාලය තුළ සැකකාර චීවරධාරියා විසින් තමන්ට ලිංගික අතවර සිදු කළ බවද හමුදා සෙබළා වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.
ඒ අනුව සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව 30 වැනිදා රාත්‍රියේ සැකකාර චීවරධාරියා මාදම්පේ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. සැකකාර චීවරධාරියා හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
Monday, August 1, 2016
Faceook බුක් එකෙන් හඳුනගත්ත හමුදා සෙබළාව පන්සලට ගෙනල්ලා චීවරධාරියා කරපු කැත වැඩේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment