වන සතුන් ඝාතනය කොට ඔවුන්ව මස් බවට පත් කරමින් එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහල සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 6දෙනා අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන තිබේ.
පසුගිය කාලයේ "මස් වැද්දන්" යන නමින් Facebook සමාජ ජාලය තුළ කතා බහට ලක් වූ මොවුන් නකල්ස් රක්ෂිතයේ සතුන් ඝාතනය කර ඡායාරූප මෙසේ Facebook ජාලයට මුදාහැර තිබුණි.
මොවුන් හට රුපියල් එක් ලක්‍ෂ හැත්තෑ පන්දහසක දඩයක් පැනවීමට පන්විල සංචාරක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළ අතර සිද්ධියේ ප‍්‍රධාන සැකකරුට එල්ල වූ චෝදනාව වූයේ රක්‍ෂිතයක දී සතුන් ඝාතනය කිරීම සහ ගිනිඅවි භාවිත කිරීම යි.
සෙසතුන් ඝාතනය කිරීමට ආධාර අනුබලදීම අනෙක් සැකකරුවන්ට එල්ල වී තිබුණු චෝදනාව විය.
No comments:
Post a Comment