ගෑස් ඔයිල් සහ ඩීසල් සඳහා ලීටරයකට රු. 13.00 ක නිෂ්පාදන බද්දක් පනවා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නවතම නිවේදනයක දැක්වේ.
මෙම බදු සංශෝධනය අගෝස්තු මස 20 වනදා සිට ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයෙහි සඳහන් වේ.
ඩීසල් ලීටරයක් සඳහා මෙතෙක් පැවතියේ රුපියල් 3ක බද්දකි.
ඒ අනුව නව නිෂ්පාදන බද්ද රුපියල් 13ක් ලෙස ඉහළ යනු ඇත.
කෙසේවෙතත් මෙම බදු සංශෝධනය හේතුවෙන් වෙළෙඳපොළේ ඩීසල් මිල ඉහළ යාමක් සිදු නොවන බවයි රජය ප්‍රකාශ කරන්නේ.
එම නිවේදනය පහතින්.
No comments:
Post a Comment