සුජානි බෝගොල්ලාගමට ඇප - රට ගමන් තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

සුජානි බෝගොල්ලාගමට ඇප - රට ගමන් තහනම්

සුජානි බෝගොල්ලාගමට ඇප - රට ගමන් තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගවර්ස් කොපරේෂන්හි සාමාන්‍යාධිකාරි සුජානි බෝගොල්ලාගම මෙනෙවිය කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසින් අද (26) බර ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.

නාමල් රාජපක්ෂ මහතාගේ එන්ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කොපරේෂන් සමාගම් දෙකේහි සිදුවූ බව කියන රුපියල් මිලියන 45ක වංචාවක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනුණි.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 100 බැගින් වු ශරිර ඇප 04 ක් මත ඇය මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරය‍ා ඇයට විදෙස් ගමන් ද තහනම් කළේය.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපැම් නොකරන ලෙසත් මසකට වරක් පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙසත් ඇයට නියෝග කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad