බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රටින් පිටවීමට තහනම් කළ පුද්ගලයින් 05දෙනා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබේ.
ඒ අනුව අද (26) දිනයේදී ඔවුන් ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙනු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන අන්දමට මොවුන් ඝාතනයට ලක්වු මොහොමඩ් සුලෙයිමාන් මහතාගේ මවගේ පාර්ශවයේ ඥාතීන්ය.
සුලෙයිමාන් මහතාගේ මළ සිරුර සොයාගත් මාවනැල්ල, රුකුලගම අවට ප්‍රදේශවල සී.සී.ටී.වී. දර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලැබී ඇති අතර මේ වනවිට ඒවා පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බව ද වාර්තා වේ.
පසුගිය 21 වන ඉරිදා රාත්‍රියේ ඒ මහතා මංගල සාදයකට සහභාගි වී තම මෝටර් රථයෙන් නිවස අසලට පැමිණ බිරිද නිවසෙහි ගේට්ටුව විවෘත කරන තෙක් රැදී සිටි අවස්ථාවේදී තවත් මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් මෙම පැහැර ගැනීම සිදුකර තිබුණි.
පැහැරගෙන ගෙන ගොස් පැය 04 ක් කාලයක් ඇතුළතදී හිසට පහරදී ඔහුව ඝාතනය කර ඇති බවට ඊයේ (25) සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවිය.
මොහොමඩ් සුලෙයිමාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ මාලිගාවත්ත - මුස්ලිම් දේවස්ථාන පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.
No comments:
Post a Comment