රාජ්‍ය ආයතන 50ක් විකිණීමට රජයේ සූදානමක්? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

රාජ්‍ය ආයතන 50ක් විකිණීමට රජයේ සූදානමක්? (VIDEO)

රාජ්‍ය ආයතන 50ක් විකිණීමට රජයේ සූදානමක්? (VIDEO)

මෙරට රාජ්‍ය ආයතන 50ක් විකිණිමට රජයේ සුදානමක් පවතින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) තණමල්විල ප‍්‍රදේශයේ පැවති සම්මණ්ත‍්‍රණයකදී ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා මෙසේ කියාසිටියේ ය.

"රාජ්‍ය ආයතන පනහක් විකුණන්න දැන් ලැයිස්තුගත කරලා තියෙන්නේ. ඒ පැලවත්ත, සෙවනගල සීනි කර්මාන්ත ශාලාවත් ඇතුළත්වයි. කොළඹ තියෙන ඉඩම් ටිකත් තව ටිකත් දීලා ඉවර කරයි. ඊට පස්සේ මොනද විකුණන්නේ. ඒක නිසා මෙතනින් එහාට තල්ලු කරන් යන්න බෑ මේ අයට. මේ අය රට තල්ලු කරන්නේ අගාදයට".

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ හොඳ මිනිසුන්ගේ නිහඬතාවය අද ඛේදවාචකයක් බවට පත්ව ඇති බවත් එය වෙනස් කිරීම තමන් ඉදිරියේ ඇති විශාලම කාර්යයභාරයක් බවත් ය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad