රිවිර හිටපු කතෘට පහරදුන් බුද්ධි අංශ සාමාජිකයා හඳුනා ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

රිවිර හිටපු කතෘට පහරදුන් බුද්ධි අංශ සාමාජිකයා හඳුනා ගනී

රිවිර හිටපු කතෘට පහරදුන් බුද්ධි අංශ සාමාජිකයා හඳුනා ගනී

රිවිර පුවත්පතේ හිටපු කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ අද (26) පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හඳුනා ගැනීමට උපාලි තෙන්නකෝන් මහතා හා ඔහුගේ බිරිඳ සමත්ව තිබේ.

පසුගිය 2009 වසරේ ජනවාරි 23 වන දා ගම්පහ - ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවිය.

ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා හමුවේ හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවති අතර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවෙන් පසු සැකකාර බුද්ධි අංශ සැරයන්වරයා මෙම මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා නියෝග කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad