සණස තැන්පත්කරුවන් බස්නාහිර පළාත් සභාව වටලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

සණස තැන්පත්කරුවන් බස්නාහිර පළාත් සභාව වටලයි

සණස තැන්පත්කරුවන් බස්නාහිර පළාත් සභාව වටලයි

මහරගම, වත්තේගෙදර 532 සී සණස සමිතියෙහි බාහිර තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් කෝටි 68ක් නිලධාරීන් වංචා කර ඇති බව කියමින් එම තැන්පත්කරුවන් අද (23) බත්තරමුල්ලේ පිහිටි පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.

ඔවුන් එහි ප්‍රධාන දොරටුව කඩා බිද දමමින් බලහත්කාරයෙන් ගොඩනැගිල්ලට තුළට ඇතුළුවීම නිසා එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

මෙම තැන්පත්කරුවන් විරෝධතාවයේ නිරත වෙමින් කියාසිටියේ වත්තේගෙදර සණස සමිතියේ තැන්පත් කළ රුපියල් කෝටි 68කට අධික මුදලක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාගෙන ඉවත්ව ගොස් ඇති බවට චෝදනා කරමිනි.

මෙහිදී විරෝධතාකරුවන් 10දෙනෙකුට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් ලබාදී ඇති අතර එම සමූපකාර සමිතිය සමූපකාර දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන අවශ්‍ය විමර්ශන සිදුකරන ලෙස අමාත්‍යවරයා බලධාරීන්ට නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad