ජවිපෙන් ජනපතිට ලිපියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

ජවිපෙන් ජනපතිට ලිපියක්

ජවිපෙන් ජනපතිට ලිපියක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් පිළිබදව දන්නා රහස් හෙළිදරව් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ දුෂණ විරෝධී හඬ සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි. 

එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ 2015 ජනවාරි 08 වනදා විප්ලවයෙන් ජනතාව අපේක්ෂා කළේ එම රහස් රැක ගැනීමක් නොව වංචා, දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමක් බවයි.

එම ලිපිය පහතින්.

2016. 08. 23
අතිගරු ජනාධිපති 
මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

හිටපු පාලකයාගේ සඟවාගෙන ඇති රහස් හෙළි කරන්න


ඔබතුමන් විසින් පසුගිය දිනක මාතර පැවති ජනහමුවකදී කළ ප‍්‍රකාශයක් පිළිබඳවයි. එහිදී ඔබතුමන් විසින් හිටපු පාලකයා ලෙස හඳුන්වමින් කත‍ා කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස පිළිබඳවයි. ඔවුන් විසින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට එරෙහිව ගෙනයන කි‍්‍රයා මාර්ගය අඩපණ කිරීම සඳහා පසුගිය පාලන සමයේ කරන ලද හිටපු පාලකයින්ගේ රහස් හෙලිකරන බවට කරන ලද තරවටුවකි. 2015 ජනවාරි 08 දින ජනාධිපතිවරණයේදී හිටපු පාලකයින්ව එළවා දැමීමට රටේ ජනතාව ඡන්දය පාවිච්චි කළේ කිසිවෙකුගේ රහස් රැකීමට නොවන බව ඔබතුමාට අදහසක් ඇතැයි අප විශ්වාස කරමු. 

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, මහජන දේපල කොල්ලයටත් එරෙහිව නැගී සිටි ජනතාව ජීවිත පරදුවට තබමින් රාජපක්‍ෂ හවුල් පාලනයට එරෙහිව කටයුතු කළේය. එසේ කටයුතු කළ සියලූදෙනාගේ අපේක්‍ෂාව වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර නීතියට බලපෑම් නොකර, දූෂිතයන්ට දඬුවම් දීමට ඔබතුමා ප‍්‍රමුඛ රජය කටයුතු කරනු ඇතැයි යන්නය.

ඔබතුමන් විසින් මාතර දී කරන ලද ප‍්‍රකාශය එසේ විශ්වාසයෙන් කටයුතු කරන ලද ජනතාවගේ අපේක්‍ෂාවන්ට පයින් ගැසීමකි. පසුගිය රාජපක්‍ෂ පාලන සමය තුළ සිදුකරන ලද මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳවත්, ඒවාට නීතිය කි‍්‍රයාත්මක වීම පිළිබඳවත් ජනතාවට ඇත්තේ සැකයක් හා අතෘප්තියකි. එය තවදුරටත් ඔබතුමාගේ ප‍්‍රකාශයෙන් තහවුරු කර ඇත. ඔබතුමන් විසින් සඳහන් කරන ලද රහස් විය හැක්කේ මහජන දේපල කොල්ලකෑම, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි කි‍්‍රයා මෙන්ම රාජපක්‍ෂ පවුල් පාලනයට එල්ල වී ඇති චෝදනාවන් පිළිබඳවය. ඒවා රහස් මෙන් රැකගෙන කටයුතු කිරීම බරපතළ තත්ත්වයකි. ඒවා පිළිබඳව දැනගැනීමට රටේ ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇත. එම තොරතුරු හෙළි නොකර රඳවා තබා ගැනීම ඔබතුමන් බලයට ගෙන ඒමට චන්දය දුන් 62 ලක්‍ෂයක් ජනතාවගේ ජනමතයට එරෙහි වීමකි. රාජපක්‍ෂ පාලන සමයේ අවසාන මාස කිහිපය තුල ඔහු සිදුකළ ආකාරයටම, දේශපාලන දඩයමක් සඳහා රාජපක්‍ෂ පාලන සමයට අදාළ වැදගත් තොරතුරු රහස් ලෙස තබා ගනිමින්, ඒවා රාජපක්‍ෂ මහතා ශී‍්‍රලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය ලබා ගැනීම සඳහා කරන අරගලය අඩපණ කිරීමට පාවිච්චි කිරීම කිසිසේත් අනුමත කළ නොහැක්කකි. 

ගරු ජනාධිපතිතුමනි,

පසුගිය පාලන සමයේ පාලකයින් විසින් කරන ලද සියළු කි‍්‍රයාකාරකමි (වංචා, දූෂණ, මිනිමැරුම්) පිළිබඳව දැනගැනීමට අපට ඇති අයිතියට මෙන්ම ජනතාවට ඇති අයිතිය ඔබතුමන් විසින් වළක්වමින් ඇති බවට ඔබතුමන්ගේ ප‍්‍රකාශයෙන් තහවුරු වෙයි. එබැවින් නීතියට සාධාරණව කි‍්‍රයාත්මක වීමට ඉඩ හැර පසුගිය පාලන සමයේ සිදුකරන ලද සියළු දූෂිත කි‍්‍රයා පිළිබඳව තොරතුරු ජනතාවට දැන ගැනීමට සලස්වන ලෙස ඔබතුමාගෙන් ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු. 

එසේම ඔබතුමා විසින් නව පක්‍ෂ හැදුවොත් පසුගිය පාලන සමයේ පාලකයින්ගේ රහස් හෙලි කරනවා යැයි සඳහන් කළ තොරතුරු ජනතාවට දැන ගැනීම සඳහා හෙළි කරන ලෙසද දූෂණ විරෝධි හඬ සංවිධානය ලෙස ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු. 

ස්තුතියි.
මෙයට විශ්වාසී,
වසන්ත සමරසිංහ
කැඳවුම්කරු
දූෂණ විරෝධි හඬ

No comments:

Post a Comment

Post Bottom Ad