දුම්රිය මගීන්ගේ ආරක්ෂාවට අවිගත් බලඇණියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

දුම්රිය මගීන්ගේ ආරක්ෂාවට අවිගත් බලඇණියක්

දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි සහිතව දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඒ ඉකුත් සමයේ දිගින් දිගටම සිදු වූ දුම්රියන්ට ගල් ගැසීමේ සිද්ධීන් පාදක කර ගනිමින්. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ පැවසුවේ මින් අනතුරුව විශේෂ ආරක්ෂක විදි විධාන යොදා ගනිමින් නීතීය තදින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු සංවිධානය කර තිබෙන බවයි.

දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ට ගිනි අවි භාවිතා කිරීම සඳහා පුහුණුවක් ලබාදී තිබෙන බවද ඒ මහතා පැවසුවා. මේ අතර කොම්පඤ්ඤවීදිය හා කොල්ලූපිටිය දුම්රිය ස්ථාන අතර දී පුත්තලමේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රියට ගල් ගැසූ පුද්ගලයින් 4 දෙනෙකු අද අත්අඩංගුවට ගැනුනා.

No comments:

Post a Comment

Post Bottom Ad