යහපාලන ආණ්ඩුවෙන් අපේක්ෂිත ඇතැම් අරමුණු ඉටු නොවූ බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසනවා.
තමාට බලයක් ලැබුනහොත් කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් 6 දෙනෙකු වහාම ඉවත් කරන බව ඔහු කියා සිටියා. ආචාර්ය එන්.එම්. පෙරේරාගේ 37 වැනි ගුණසමරුව වෙනුවෙන් යටියන්තොට ප‍්‍රදේශයේ පැවති උත්සවයකට අද (14) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
“මට දවසකට දුරකතන ඇමතුම් 10ක් 15ක් එනවා. අහවල් තැනට පත්කරලා තියෙන පුද්ගලයා බැසිල් රාජපක්ෂගේ හිතවතෙක්. ඇයි එයාව පත්කරේ ? දැන් මොකද කරන්නේ ? . අහවල් අතිරේක ලේකම්වරයා නාමල් රාජපක්ෂත් එක්ක බිස්නස් කරපු මිනිහෙක්.
ඇයි එයාව එතනට පත්කරලා තියෙන්නේ ? ඔය විදිහේ දුරකතන ඇමතුම් අප්‍රමාණව එනවා. තාමත් අර පරණ අයමයි ඒ තැන්වළ වැඩකරන්නේ.දැන් මේකද යහපාලනය. අනිත් පැත්තෙන් තව ජාතියක් එනවා. අලුත් ආණ්ඩුවේ ඇමතිවරු මෙච්චර හොරකම් කරනවා ඔයගොල්ලෝ දන්නැද්ද ? මේකද යහපාලනය , මෙහෙම ප්‍රශ්ණ එනවා. මේවා සරලයි කියලා මම කියන්නේ නැහැ.
මේවා සංකීර්ණයි. යහපාලනයක් තුළ මේවා තියෙන්න බැහැ. මම කැමතියි මේවා එකසැරේ පරාජය කරන්න පුළුවන් නම්. මට බලයක් තියෙනවනම් මම කැබිනට් මණ්ඩලයේ 06 දෙනෙක් දැන් අයින් කරනවා. මා ලඟ 06 දෙනෙක් ගැන මිනිස්සු ගෙනත් දීපූ ලිපි ගොනු තියෙනවා. ප්‍රබල චරිත. අමාත්‍යංශ 11 ක ලේකම්වරු මම වහාම ගෙදර යවනවා මට බලයක් තියෙනවනම්”.
Sunday, August 14, 2016

ඇමැතිවරු 6ක් ඉවත් කිරීමට සරත් විජේසූරිය සැරසෙයි
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment