මධු මාධවගේ හැරගිය ප්‍රේමිය යළිත් ඇවිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

මධු මාධවගේ හැරගිය ප්‍රේමිය යළිත් ඇවිත්

මධු මාධව අරවින්ද තමන් ගැන දකින ආකාරයට මේ ඔහු ගත කරන්නේ ප්‍රේමය පිළිබඳ ගන්ධබ්බ අවදියයි.

ඒ අවදිය ඔහුගේම වචනවලින් කියන්නේ මෙලෙසයි.

“මම ඉදිරිය දිහා නිහඬව බලා ඉන්නවා.මගේ ලෝකයේ ආදරය සම්බන්ධ ඉතිහාසයක්‌ මිස අනාගත කතාවක්‌ නැහැ. ඇතැම් දේවල් වල ඡායාවන් මට පෙනී නොපෙනි යනවා. ඒ දේවල් තවමත් අපැහැදිලියි. නමුත් වැඩි කාලයක්‌ යන්නට පෙර ඔය ප්‍රශ්නයට උත්තරයක්‌ දෙන්න පුළුවන් වෙයි. සමහර විට මම හැමදාටමත් තනිකඩව අතීතයට පෙම්බදින හුදකලා මිනිසෙකු ලෙසත් හෙට දවස ගෙවා දමන්නට පුලුවන්.”

ඔහු මේ දවස්වල තමන්ගේ ජිවන කතාවේ ආදරය දකින්නේ ඒ ආකාරයටයි. මේ අතර ඇගේ හැරගිය ප්‍රේමය යළිත් පසුගිය කාලයේ ඔහු වෙත පැමිණ ගොස් ඇති බව ඔහුගේ මේ කතාවෙන් වැටහෙනවා.

“ඇය මා හැර ගිහින් තුන්මාසයක්‌ ගෙවී යද්දී ආයෙත් මා වෙත ආවා. නමුත් එදා දලු දාලා මල් පිපී තිබුණ ගස්‌වල මල් පිපෙන්නැති බව මම හොඳින්ම දැනගෙන හිටියා. මලක්‌ ගහක ආයාසයෙන් පුබුදන්න බැහැ වගේම මිලිනවූ පෙමකට නැවුම් බවක්‌ දෙන්න බැහැ. මම ආදරයෙන් මගේ පපුව මත තියා රැකබලාගත් ආදරය මම නොදන්නා මගේ නෙත් මානයෙන් ඈතකට ගිහින්. යළි මා කරා ආවට පෙර මෙන් නැවුම් හැඟීමෙන් ඒ ආදරේ නැවතත් මගේ පපුවේ පැළඳගන්න බැරි බව මම හොඳාකාරව දැන සිටියා. ආදරයේදී ආත්මයට වංචාවක්‌ කරන්න බැහැ. එහෙම කරල ඒ ආදරේ විඳින්නත් බැහැ. ඒ නිසා මම ඇයට යළි යන්නට ඉඩ දුන්නා.”

No comments:

Post a Comment

Post Bottom Ad