අසල්වැසි නිවසේ තනිව ජීවත්වන කාන්තාවක් සමග යහන්ගතවූ සැමියාට බිරිඳ විසින් පහරදීමේ සිද්ධියක් ගැන සඳලංකාව හුන්දිරාපොල පැත්තෙන් අපිට වාර්තා වුණා. පසුගිය දිනක රාත්‍රියේ බිරිඳ නින්දට ගිය පසු හොර රහසේම සැමියා අසල්වැසි නිවසට ගොස් තිබෙනවා.
මද වේලාවකින් අවදිවී සැමියා පිළිබඳ විමසිලිමත්වූ බිරිඳ සැමියා නොමැති බව දැනගත් පසු ඇතිවු සැකය නිසා අසල්වැසි නිවස වෙත ගොස් තිබෙනවා. එහිදී බිරිඳට දැකගැනීමට හැකිවී තිබෙන්නේ අසල්වැසි කාන්තාව සමග තම සැමියා යහන්ගතවී සිටින අයුරුයි.
තනිව ජීවත්වන අසල්වැසි කාන්තාවක සමග තම සැමියා ඇතිකරගෙන තිබූ මේ සබඳතාවයෙන් කෝපයට පත් බිරිඳ නිවසේ තිබූ කොස්සකින් පහරදී තිබෙනවා. බහින්බස්වීම හා කෑගසන ශබ්දය ඇසී අනෙක් නිවෙස්වල අයද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
සිද්ධිය සමතයකට පත් කිරීමට දැඩි වෙහෙසක් ගෙන ඇතිි අතර එම අවස්ථාවේදීම සැමියා නිවසින් පිටව ගිය බවයි ගම්වාසියෙකු අප සමග ප්‍රකාශ කළේ. 52 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා එක්දරු පියෙක් බවත් දරුවා විදේශගතව අධ්‍යාපනය ලබන බවත් වාර්තා වනවා.
Sunday, August 14, 2016

මහ රෑ අල්ලපු ගෙදරට රිංගලා කම්සැප සෙවූ සැමියාට බිරිඳ කළ වැඩේ
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment