පුනුරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ලබාදුන් බවට සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අද (23) දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පුනුරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇද්දැයි සෙවීම සඳහා විමර්ශන කිරීමට පංච පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් පත් කිරීමට ද උතුරු පළාත් සභාව සැලසුම් කර තිබේ.
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතාගේ උපදෙස් මත එම කමිටුව පත් කිරිමට සැලසුම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවත් වාර්තා වේ.
මේ අතර පුනුරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන ලෙස උතුරු පළාත් සභාව සිදු කළ ඉල්ලීම යාපනයට පැමිණ සිටින අමෙරිකානු වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
Tuesday, August 23, 2016
විෂ එන්නත් ගැන කතා කරන්න විග්නේෂ්වරන් අගමැති හමුවෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment