හිරුණිකාට අධිකරණයෙන් කැඳවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

හිරුණිකාට අධිකරණයෙන් කැඳවීමක්

හිරුණිකාට අධිකරණයෙන් කැඳවීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු ඇයගේ ආධාරකරුවන් 08 දෙනෙකුට එරෙහිව පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාරදීම සදහා මහාධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් වන අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම පිරිසට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කර ඇති බවත් එම නඩුව ලබන 26 වෙනිදා කැඳවීමට නියමිතව ඇති බවත්ය.

ඒ අනුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන්ට එදින මහාධිකරණයේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය 2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන්ට එරෙහිව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad