පෞද්ගලික අංශයේ සේවයේ නිරත මව්වරුන් සඳහා ප්‍රසූත නිවාඩු ලබාදීම පිළිබඳව අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට රාජ්‍ය සේවයේ නිරත මව්වරුන් සඳහා මාස 06ක ප්‍රසූත නිවාඩුවක් හිමිවන අතර ඉන්පසුද වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ හැකියාව පවතියි.
ඒ අනුව මෙම වැඩපිළිවෙළ පෞද්ගලික අංශයේ සේවයේ නිරත කාන්තාවන්ට ද ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට තමන් කටයුතු කරන බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
මව්කිරි ලබාදීමේ වැදගත්කම පිළිබඳ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,"අපේ ඉලක්කය ඉදිරි අවුරුදු කිහිපයේදී මවුකිරි දීමේ ප්‍රතිශතය 92%, 96% ක් දක්වා හෝ එය අභිභවා යන ප්‍රතිශතයක් කරා ගෙන ඒමයි. රාජ්‍ය සේවයේ මවුවරුන්ට දරවෙකු ලැබුණාම මාස 6ක ප්‍රසූත නිවාඩු දෙනවා. ඉදිරියටත් වැටුප් රහිත නිවාඩු දෙනවා. නමුත් පුද්ගලික අංශයටත් වතුකරයටත් මෙසේ නිවාඩු ලැබෙන්නේ නැහැ. ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පුද්ගලික අංශයේ සහ වතු අංශයේ මාතාවන්ට එම සහනය ලබාදීම පිළිබඳව කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා." යනුවෙන් පැවසීය.
Friday, August 26, 2016
පුද්ගලික අංශයේ සේවය කරන මව්වරුන්ගේ ප්‍රසූත නිවාඩු දිගු කරයි?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment