ජගත් මහ ලේකම් 31දා දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

ජගත් මහ ලේකම් 31දා දිවයිනට

ජගත් මහ ලේකම් 31දා දිවයිනට

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් මහතා මෙම මස 31 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ (25) පැවති දෛනික මාධ්‍ය හමුවේදී මහලේකම්වරයාගේ ප්‍රකාශකයා සදහන් කළේ ඔහු දින 04 ක් ශ්‍රී ලංකාවේ රැදී සිටින බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ සහ පාර්ලිමේන්තු නියෝජිතයන් මුණ ගැසෙන ජගත් සංවිධාන මහලේකම්වරයා යාපනය සහ ගාල්ලේ ද සංචාරය කිරීමට නියමිතය.

උතුරේ නැවත පදිංචි කිරීම් පිළිබදව අවබෝධයක් ලබා ගැනීම ජගත් මහලේකම්වරයාගේ යාපන සංචාරයේ අරමුණයි.

තරුණ සංහිදියාව සහ සහජීවනය පිළිබද ගාල්ලේ පැවැත්වෙන උත්සවයකට ද ජගත් මහලේකම්වරයා සහභාගීවීමට නියමිතය.

බෑන් මූන් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඔහුගේ ආසියානු සංචාරයේ එක් පියවරක් ලෙස බව වාර්තා වේ.

හෙට (27) නිව්යෝක් නුවරින් නික්මෙන මහලේකම්වරයා මුලින්ම සිංගප්පූරුවට පැමිණෙන අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මියන්මාරයේ ද සංචාරය කිරීමෙන් අනතුරුවයි.

මියන්මාරයේදී ජගත් මහලේකම්වරයා එරට විදේශ කටයුතු ඇමතිනිය වන අවුන්සාන් සුකී මහත්මිය ද මුණ ගැසෙනු ඇති.

ඉන් පසු ඔහු චීනයේ පැවැත්වෙන ජී. 20 සමුළුවට මෙන්ම ලා ඕසයේ පැවැත්වෙන ආසියාන් - ජගත් සංවිධාන සමුළුවට ද සහභාගි වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad