කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සංවත්සරයේදී පක්ෂ නායකයා විසින් ප්‍රතිපත්ති රැසක් එළිදක්වන විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා කියාසිටියේ ඉතිහාසයේ දැවැන්තම රැළිය කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගොස් අලුත් පක්ෂ ගොඩනගන්නට සිතා සිටින්නන්ට සිදු වන්නේ තමන් හිසට තම අතමය සෙවණැල්ල කීමට බවත්ය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ද එක්වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැර ගිය නමුත් එතුමියට ද නැවත පක්ෂය කරා ඒමට සිදු වූ බවත් ඔහු පැවසීය.
එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ සෑම පුද්ගලයෙකුටම පක්ෂ තුළ ගැටළු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ කිරීමට කිසිඳු පුද්ගලයෙකුට ඉඩ නොතබන බවත්ය.
එම අවස්ථාවට එක් වී අදහස් දැක්වූ දකුණු පළාත් සභා මන්ත්‍රී පසද යාපා මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී සිටි පිරිසට වඩා පිරිසක් මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වටා එක් රොක් වී ඇති බවයි.
වීඩියෝව පහතින්.
No comments:
Post a Comment