මෙරට නව ඉන්දීය මහ කොමසාරිස් ධූරය තරංජිත්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 28, 2016

මෙරට නව ඉන්දීය මහ කොමසාරිස් ධූරය තරංජිත්ට

මෙරට නව ඉන්දීය මහ කොමසාරිස් ධූරය තරංජිත්ට

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස තරංජිත් සිං සන්දු මහතා වැඩ භාර ගැනීමට නියමිතය.

දැනට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන වයි.කේ සිංහා මහතාගේ කාලය සම්පූර්ණ වීම හේතුවෙන් තරංජිත් මහතා මෙලෙස නව මහ කොමසාරිස්වරයා ලෙස  පත් කිරීමට නියමිතව ඇත.

වසර 28ක විදේශ සේවයේ පළපුරුද්දක් ඇති තරංජිත් මහතා වර්ෂ 1988 දී ඉන්දිය විදේශ සේවය හා එක්ව තිබේ.

2000 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා ඒ මහතා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානීයා ලෙස ද කටයුතු කර ඇත.

ඉන් අනතුරුව ඒ මහතා රාජ්‍යතාන්ත්‍රිය නිළධාරියෙකු ලෙස විවිධ රටවල සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කර තිබේ.

53 වන වියේ පසුවන ඒ මහතා වර්ෂ 1963 ජනවාරි මස 23 වනදා උපත ලබා ඇත.

ඔහු ජවහල්ලානේරු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරියෙක් ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad