දූෂිත රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් දිය හැකි නව පනතක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 28, 2016

දූෂිත රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් දිය හැකි නව පනතක්

දූෂිත රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් දිය හැකි නව පනතක්

ටෙන්ඩර් වංචාවන්ට සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් දිය හැකි ප්‍රතිපාදන සහිතව ‍පොදු ව්‍යවසායක පනතක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ටෙන්ඩර් ගනුදෙනු සඳහා සම්බන්ධ දුෂිත නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙම පනත ගෙන එන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පනත තුළ දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවලට සම්බන්ධවන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සිර දඬුවම් දක්වා වන දඬුවම් දීමට හැකි ප්‍රතිපාදන ඇතුළත් කරන බවද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

රාජ්‍ය ව්‍යාපාරවල අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් තිස් හතර දෙනකු ඉල්ලා අස්වීමට සූදානම් වීමත් සමග මෙම පනත ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad