පොල්ගහවෙල, වීරගහකුගවත්ත, යෝගමුවාකන්ද ප්රදේශයේදී සිරුරට ගිනි ඇවිලීමෙන් කාන්තාවක මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පැවසීය.
අදාළ කාන්තාවට ගිනි ඇවිලීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය නිවසේ තනිව ජීවත් වී ඇති බවට පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (27) සිදු කිරීමට නියමිතව තිබිණි.
පොල්ගහවෙල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
No comments:
Post a Comment