බෑන් කී මූන් විග්නේෂ්වරන් හමුවීම ඉවත දමයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 31, 2016

බෑන් කී මූන් විග්නේෂ්වරන් හමුවීම ඉවත දමයි?

බෑන් කී මූන් විග්නේෂ්වරන් හමුවීම ඉවත දමයි?

මෙරට තෙදින නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා හෝ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේ මහ ලේකම්වරයා ලබන සිකුරාදා (02) දිනයේදී යාපනයේ සංචාරයක නිරත වෙමින් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමට න්‍යාය පත්‍රයේ කාලය වෙන් කර තිබුණ ද උතුරු මහ ඇමතිවරයා ඇතුළු උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් හමුවීමට කාලවේලාව වෙන්කරගෙන නොමැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad