ජර්මානු කාන්තාවන් 70කට වැඩි ප‍්‍රමාණයක් මේ වන විට ISIS සංවිධානය හා එක්වීම සඳහා සිරියාව හා ඉරාකය බලා පිටත්ව ගොස් ඇතැයි ජර්මානු අභ්‍යන්තර බුද්ධි අංශය පවසා තිබේ.
බුද්ධි අංශ ප‍්‍රධානි හාන්ස් ජෝර්ජ් මේසන් පවසා ඇත්තේ මින් 40%ක්ම වයස අවුරුදු 25ට අඩු වයසේ පසුවන්නන් වන අතර 9 දෙනෙක් පාසල් සිසුවියන් වන බවයි.
තරුණියන් හා දැරියන් ආකර්ෂණය කරගැනීම සඳහා ISIS හි අන්තර්ජාල ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන අතර ඒ හා සම්බන්ධ වන්නන් සටන්කාමීන් විවාහ කරගැනීම සඳහා පොළඹවන බව පැවසේ.
ත‍්‍රස්ත කඳවුරු වල ජීවිතය පිළිබඳ අතිශය සෞන්දර්යාත්මක විස්තර කිරීම් වලට රැවටී සිරියාව හා ඉරාකය වෙත යන්නන් බොහෝ දෙනෙකු සිය ගමන් බලපත් අහිමිව විපතට පත්වන බව මේසන් පවසා තිබේ.
ජර්මනියේ රයින්ලන්ඞ් පැලටිනේට් පොලිසියේ සේවය කරන ඉස්ලාමික විද්වතෙකු වන මාර්වාන් අබු ටාම් පවසා ඇත්තේ මෙලෙස ජිහාඞ්වාදීන් සරණ පාවාගැනීමට ඉදිරිපත් වන බොහෝ දෙනෙකු මානසික රෝගී තත්වයන්ගෙන් පෙලෙන හෝ සමාජයෙන් කොන්වූ පුද්ගලයන් වන බවයි.
අතිශය දිළිඳු පවුල් වලින් පැවත එන ඔවුන් අඩු මට්ටමක අධ්‍යාපනයක් ලැබූවන් වන බවත් සාපේක්‍ෂව ඉහළ අධ්‍යාපනයක් ලැබූ කාන්තාවන් ISIS ත‍්‍රස්තයින් විසින් කළමණාකරණ වගකීම්වලට පත්කරන බවත් හෙළිවී ඇත.
මේ වන විට ජර්මානු ජාතිකයින් 650ක් පමණ ජර්මනිය හැරගොස් ISIS සටන්කාමීන් හා එක්ව ඇතැයි ගණන් බලා තිබේ.
Tuesday, March 31, 2015
ජර්මානු කාන්තාවන් 70ක් ISIS හා එක්වෙයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment