නකල්ස් රක්ෂිතයේ ගින්නක් - අක්කර 500ක් විනාශයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 31, 2016

නකල්ස් රක්ෂිතයේ ගින්නක් - අක්කර 500ක් විනාශයි (PHOTOS)

නකල්ස් රක්ෂිතයේ ගින්නක් - අක්කර 500ක් විනාශයි (PHOTOS)

පසුගිය 28වනදා රාත්‍රියේ න‍කල්ස් රක්ෂිතයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශයේ ගින්නක් හටගෙන ඇති අතර එය ඊයේ (30) පස්වරුව වන විටත් පැතිරයමින් තිබී ඇති ඇත.

දින 03ක් පුරාවට පැවති ගින්න හේතුවෙන් රක්ෂිතයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශයේ අක්කර 500ක පමණ භූමි භාගයක් විනාශ වී ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් කියාසිටියේ සතුන් දඩයම් කිරීම, ගවයන් වෙනුවෙන් අලුත් තණකොල පැලවීම සඳහා කැලෑ ගිනි තැබීම හේතුවෙන් රක්ෂිතයේ ජෛව විවිධත්වයට හානි සිදුවන බවත් මේ හේතුවෙන් හාවන්, සමනළයන් ඇතුළු කෘමි සතුන් විශාල ප්‍රමාණයකට හානි සිදුවන බවත්ය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති රක්ෂිතයට අතුල්වීම නීති විරෝධී වන බැවින් තමන්ට ගිනි නිවීමට හැකියාව ඇති නමුත් වනාන්තරයට ඇතුළු නොවන බවත් ගිනි නිවීම සඳහා සද්භාවයෙන් පැමිණියත් තමන්ට එරෙහිව නීතිමය ගැටලු මතුවන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

තවද රක්ෂිතයේ ඇති ෆයිනස් ගස් හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වන බවත් එනිසා රක්ෂිතය ආසන්නයේ පිහිටි නිවාස අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුන් පැවසීය.

වගකිවයුතු බලධාරීන් නිසි පියවර නොගැනීම නිසා දින 03ක් තිස්සේ පැතිර ගිය ගින්න නිවීම සඳහා උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිළධාරීන් ඊයේ පස්වරුවේ කටයුතු කර තිබේ.

නකල්ස් රක්ෂිතයේ නැගෙනහිර බෑවුමේ ගින්න මේ වනවිට අවසන් වී ඇති නමුත් හුන්නස්ගිරිය, රජගලකන්ද රක්ෂිතයේ ද ඊයේ (30) පස්වරුවේ සිට ගින්නක් පැතිර යන බව වාර්තා වේ.

ඡායාරූප පහතින්.

මහනුවර - කමල් සුරවීර

No comments:

Post a Comment

Post Bottom Ad