සුමන්තිරන් බෑ කියයි…සාගලයි, පුජිතයි දෙන්නම කූජිතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

සුමන්තිරන් බෑ කියයි…සාගලයි, පුජිතයි දෙන්නම කූජිතයි

මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි ඔඩ්ඩුසුඩාන් හි හා වවුනියාවේ පිහිටි නැදුන්කේනි හි පොලිස් ස්ථාන දෙකක හෙට (25) උදැසන උත්සවශ්‍රියෙන් විවෘත කිරීමට කටයුතු යොදා තිබුනද දෙමල ජාතික සන්ධානයේ විරෝධයක් හෙතුවෙන් ඊට අදාළ උත්සවය දින නියමයකින් තොරව කල්දමා ඇති බව වාර්තා වේ.

අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ පොලිස්පති කුජිත විජේසුන්දරගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබු එම උත්සවය සම්බන්ධයෙන් ප්‍රදේශයේ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දැනුවත් කර නොමැති බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සුමන්තිරන් මහතා විසින් අගමැතිවරයාට දැනුම් දි ඇති අතර පසුව අගමැති නියෝග කර ඇත්තේ අදාළ උත්සවය වහාම නතර කරන ලෙසයි.

ඉතා විශාල වියදමක් දරා ඉඳිකළ එම පොලිස් ස්ථාන දෙකෙහි සංවිධානය කෙරෙන උත්සවය වෙනුවෙන් අද දිනයේ තෝරන් ධජ පතාක හා කොඩි වැල් එල්ලා තිබෙන අතර උත්සවය සදහා සියලුම් කටයුතුද සංවිධානය කර අවසන් කර තිබේ.



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad