හම්බන්තොට සංවර්ධනයට ඉන්දියානු සහාය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

හම්බන්තොට සංවර්ධනයට ඉන්දියානු සහාය

හම්බන්තොට සංවර්ධනයට ඉන්දියානු සහාය

'වැවක් සමඟ ගමක්' වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු සහාය ලබාගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිත ධීවර හා අනෙකුත් ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා භාවිත කරනු පිණිස රුපියල් මිලියන 300ක ආධාර මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ඉන්දියානු රජය එකඟවී ඇත. 

එම ආධාර මුදලින් කොටසක් 'වැවක් සමඟ ගමක්' වැඩසටහන යටතේ ආදර්ශ ධීවර ගම්මාන සංවර්ධනය උදෙසා යොදාගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර හා කෘෂි ප්‍රජාවන්ගේ ජීවනෝපායන්ට සහාය වීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉන්දියානු ජනරජය අතර අත්සන් තැබීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad