විදේශ රටවලට ශ‍්‍රමිකයන් සපයන ආසියානු රටවල සංගමය හෙවත් කොළඹ කි‍්‍රයාදාමයේ සමාරම්භක සමුළුව ( Colombo process) අද (25) කොළඹ, ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්වීමට නියමිත බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
මෙම සමුළුව සඳහා රටවල් 12ක කම්කරු අමාත්‍යවරුන් සහභාගිවීමට නියමිතය.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙන බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
No comments:
Post a Comment