බම්බලපිටියේ කෝටිපති සුලේමාන්ගේ මළ සිරුර කෑගල්ලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

බම්බලපිටියේ කෝටිපති සුලේමාන්ගේ මළ සිරුර කෑගල්ලේ



බම්බලපිටියේ කෝටිපති සුලේමාන්ගේ
මළ සිරුර කෑගල්ලේ


පසුගියදා බම්බලපිටිය කොතලාවල ඇවනිව් ප‍්‍රදේශයේදී නාඳුනන පිරිසක් විසින් පැහැරගැනීමට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මළ සිරුර කෑගල්ල රුකුලගම ප‍්‍රදේශයේ මාවනැල්ල -හෙම්මාතගම ප‍්‍රධාන මාර්ගයට ආසන්න ස්ථානයක තිබී ඊයේ සවස හමුවී තිබෙනවා.
දින කිහිපයකට පෙර මරා දමා තිබුණ බවට සැකකරන මෙම මළ සිරුර හමුවන අවස්ථාවේ දුගඳ හමන තත්වයක තිබී ඇති අතර ප‍්‍රදේශවාසීන්
සිරුර ගැන පොලිසියට දැන්වූ පසු
මුලින් අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ බවට සැකකර පරීකත්ෂණ පවත්වද්දී
මීට දින කිහිපයකට පෙර කොළඹ,බම්බලපිටිය ප‍්‍රදේශයෙන් අතුරුදහන් වු කෝටිපති ව්‍යපාරිකයාගේ මළ සිරුරද යන්න ගැන සැකයක් පහළ වී ඔවුන්ට දැන්වීමෙන් පසුව කෝටි පති ව්‍යාපාරිකයාගේ පියා ඇතුළු ඥාතින් පැමිණ සිරුර ඔහුගේ බවට හඳුනාගන්නා ලදි.
මිය ගිය පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු ඇඳ සිටි වස්ත‍්‍ර වලින් සහ ශරිරයේ පැළඳ සිටි ආභරණ මගින්ද,මුහුණ සහ කොණ්ඩය ඔස්සේ මෙ පුද්ගලයා තම පුතණුවන් බවට පියා විසින් කරුණු තහවුරු කර තිබේ.
මෙ ස්ථානයේ දි මෙ පුද්ගලයා ඝාතනය කළාද? නැතිනම් වෙනත් ස්ථානයක සිට ඝාතනය කිරිමෙන් පසුව මෙ ස්ථානයට ගෙනවිත් දැම්මාද ? යන්න තවමත හඳුනාගෙන නැත.

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා නාඳුනන කණ්ඩායමක් විසින් සුලේමාන් නමැති 29 හැවිරිදි ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් තිබුණේ ඉකුත් 21 වැනිදා රාත‍්‍රි 11.30 ට පමණය.
ඉන්දුනීසියාව, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කීපයකින් රෙදි ආනයනය කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සුලේමාන් මහතා දෙදරු පියෙකි.
බම්බලපිටිය කොතලාවල ඇවනිව් ප‍්‍රදේශයේ පදිංචිව සිටි සුලේමාන් මහතා 21 වැනිදා රාත‍්‍රි සිය මිතුරකුද සමඟ බම්බලපිටිය ප‍්‍රදේශයේ අවන්හලකින් රාත‍්‍රි ආහාර ගෙන පසුව සිය බිරිඳටද ආහාර රැගෙන නිවසට පැමිණ ඇත්තේ රාත‍්‍රි 11.30 ට පමණය.
එහිදී සුලේමාන් මහතා නිවසේ දොර විවෘත කරන ලෙස බිරිඳට දුරකථනයෙන් දැනුම් දී ඇති අතර බිරිඳ දොර විවෘත කරද්දී නිවස ඉදිරිපිටින් මෝටර් රථයක් වේගයෙන් ධාවනය වී තිබේ.
ඒ අවස්ථාවේ සුලේමාන් මහතාගේ මෝටර් රථය එහි නතර කර තිබූ අතර ඔහු රැගෙන ආ කෑම පාර්සලය සහ අත් ඔරලෝසුව බිම වැටී තිබී ඇත.
ඔහු පැහැරගැනීමට ලක්වූ ස්ථානයට නුදුරින් ලේ පැල්ලම් කීපයක්ද තිබී පොලිසිය සොයාගෙන තිබිණි.
සුලේමාන් මහතා පැහැරගැනීමට ලක්වූ දිනට පසු දින එනම් 22 වැනිදා පෙරවරු 9.00 ට පමණ ඔහුගේ පියාගේ දුරකථනයට කතා කළ නාඳුනන පුද්ගලයකු ඔහු මුදාහැරීමට නම් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබාදිය යුතු බවට දැනුම් දී ඇත.
කප්පම්කරු ඇමතුම ලබාදුන් දුරකථන අංකය කෑගල්ල ප‍්‍රදේශයේ දුරකථන කුටියයකින් ලබාදුන් එකක් බවට පොලිසිය සොයාගෙන තිබුණි.
මළ සිරුර හමුවූයේද එම ප‍්‍රදේශයේ තිබියදීය.
කෙසේ වෙතත් පැහැරගැනීම අවස්ථාවේ සිට මාධ්‍ය මගින් මේ ගැන තොරතුරු ප‍්‍රචාරයවීම නිසා කප්පම්කරුවන් බියට පත්වී ඔහුව ඝාතනය කළාද යන්න සැකයට භාජනයවී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad