පාස්පෝට් ඔෆිස් එක ලබන සතියේ සිට බත්තරමුල්ලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

පාස්පෝට් ඔෆිස් එක ලබන සතියේ සිට බත්තරමුල්ලේ



පුංචි බොරැල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ලබන 29 දින සිට බත්තරමුල්ල නව පරිශ‍්‍රය වෙත ස්ථාන මාරු සිදු කරන්නට නියමිතය.
ඒ නිසා පුංචි බොරැල්ලේ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ කටයුතු ඇතුළු අනෙකුත් රාජකාරි අනිද්දා (26) දින නවතා දමන අතර දින 2 ක් සේවාවන් රහිතව සිට යළි 29 දා සිට අලූත් තැන රාජකාරී අරඹනු ඇත.
බත්තරමුල්ල, සුහුරුපාය ස්ථානයේ ඉදිකළ නව ගොඩනැගිල්ලේ වඩාත් පහසුකම් සහිතව නව සේවාවන් ස්ථාපිත කරන්නට නියමිතය.
එහි එක් දින සේවාවන් නැවත 30 වැනි අඟහරුවාදා සිට ක‍්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරන බව බලධාරීන් දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad