රට පාවාදුන් “ජාත්‍යන්තර සම්මුතියේ” රාජ්‍ය භාෂාවෙන් පිටපතක් ඉල්ලා විද්වතුන් 35කගෙන් ජනාධිපතිට ලිපියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

රට පාවාදුන් “ජාත්‍යන්තර සම්මුතියේ” රාජ්‍ය භාෂාවෙන් පිටපතක් ඉල්ලා විද්වතුන් 35කගෙන් ජනාධිපතිට ලිපියක්

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පත 2016.08.11 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇති අතර එහෙත් එකී පනත් කෙටුම්පතට අදාල 27.(iii) වගන්තියේ දැක්වෙන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” ගැසට් පත්‍රයේ පළකිරීමක් හෝ පනත් කෙටුම්පතේ උපලේඛනයක් ලෙස ඇතුළත් කිරීමක් හෝ ගරුපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සිදු කර නැති බවද දැනගන්නට ලැබී ඇති අතර එසේ වුවද, එකී පනත් කෙටුම්පතට කථානායකවරයා විසින් සිය අත්සන තැබීමෙන් පසු “ජාත්‍යන්තර සම්මුතියේ”ප්‍රතිපාදන රටේ වලංගු නීතියක් බවට පත්වන බව එම ලිපියෙන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත. (2016.08.23 වැනි දින කථානායක විසින් පනත් කෙටුම්පතට සිය අත්සන් තබා ඇත.)

ජාත්‍යන්තර සම්මුතියරාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් ඉදිරිපත් නොකර “ජාත්‍යන්තර සම්මුතිය”අධ්‍යයනය සදහා ලාංකීය පුරවැසියන්ට ප්‍රවේශයද නොතකා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පතේ 27.(iii) වගන්තියේ ප්‍රතිපාදන මගින් “ජාත්‍යන්තර සම්මුතියේ”ප්‍රතිපාදන නීතිගත කර ගැනීමට ක්‍රියා කරන ආකාරයද මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කර ඇත.

තවද “ජාත්‍යන්තර සම්මුතිය”නීතිගත කර ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පතට ගරු කථානායකවරයා විසින් සිය අත්සන තැබීමෙන් පසු ඒ පනත සම්බන්ධව අධිකරණයකට සිය මතය ප්‍රකාශ කිරීම හෝ කවර වූ ආකාරයෙන් ප්‍රශ්න කිරීම කළ නො හැකි හෙයින් පනත් කෙටුම්පතට ගරු කථානායකවරයා විසින් සිය අත්සන යෙදීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුගමනය කරමින් “ජාත්‍යන්තර සම්මුතිය” මගින්“ජාත්‍යන්තර යුක්ති අධිකරණය” සම්බන්ධ විධිවිධාන දක්වා ඇත්තේ ද එමගින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ඉක්මවා යන්නේ ද යන්න සම්බන්ධවද එම ලිපියෙන් විමසා ඇත.

මහාචාර්‍යවරැන්,නීතීඥවරැ,වෛද්‍යවරැන්,ඉංජිනේරැවන් අතුළු විවිධ වෘත්තීකයන් 35ක් පමණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.එකී ලිපිය 2016.08.23 දින ජනාධිපති ලේකම් කාර්‍යාලයට භාර දී ඇති අතර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පී.ඩබ්. ඈපාසිංහ ඇතුළු විද්වතුන් 05ක් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මෙහි දැක්වේ.

OPM01

අතුරහන්-පනතේ-සදහන්-2 අතුරහන්-පනතේ-සදහන්-3 අතුරහන්-පනතේ-සදහන්-4



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad