කාලය මැනීමෙන් බෝල්ට් ජස්ටින්ට පරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

කාලය මැනීමෙන් බෝල්ට් ජස්ටින්ට පරදී

ලෝක ශූර කෙටි දුර ධාවක උසේන් බෝල්ට් රියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරගයට ඊ‍යේ සහභාගී වූණා.

එහිදී ඔහු පහසුවෙන් ජය හිමිකර ගැනීමට සමත් වුනා. මෙවර රියෝ ඔලිම්පික් තරගාවලියේ වැඩිම අවධානයට ලක් වන ක්‍රීඩකයා වන ජැමෙයිකා සුපරි ක්‍රීඩක උසේන් බෝල්ට් මීටර් 100 ඉසව්වේ මුලික වටයේ තරගයට ඊයේ සහභාගී වූනා.

එහිදී තත්පර 10.07ක කාලයක් වාර්තා කරමින් ඔහු එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තා.‍ මේ අතර ඇමරිකානු ක්‍රීඩක ජස්ටින් ගැට්ලින් ඔහු සහබාගී වු මුලික වටයේ තරගය 10.01ක කාලයකින් නිම කිරීමට සමත්ව වුණා. හෙට පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් තරගය පැවැත්වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad