පළමු වතාවට උතුරේ සංවර්ධනය වෙනුවෙන්වූ ව්‍යාපාරික සමුළුවක් ඊයේ (22) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර ඒ සඳහා මෙරට ව්‍යාපාරිකයින්ගේ මෙන්ම උතුරේ පදිංචිව විදෙස්ගතව සිටින ව්‍යාපාරිකයින්ගේ ද සහභාගීත්වයෙන් සාර්ථකව පැවත්විණි.
උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්කුරේ මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවට රජයේ නිළධාරීන් රැසක් මෙන්ම දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකුම සහභාගී විය.
එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියාසිටියේ තමන් හැදුනු වැඩුනු උතුරු පලාතේ මෙවැනි අයෝජන සමුළුවක් පැවැත්වීම සතුටට කරුණක් බවත් උතුර සංවර්ධනය කිරීමට ගන්නා මෙම උත්සාහය වෙනුවෙන් මහ බැංකුවෙන් උපරිම සේවාවක් ඉටුකිරීමට පියවර ගන්නා බවත්ය.
මෙම අවස්ථාවට අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන්, අමාත්‍ය මහින්ද අමරවීර, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සර්වණබවන් මහතා, ශිවමෝහන් මහතා උතුරු පලාත් සභාවේ සභාපති සී.වී. කේ. ශිවඥානම් මහතා, උතුරු පලාත් කෘෂීකර්ම අමාත්‍ය පී. ඩෙනිස්වරන් මහතා මෙන්ම ආයෝජක සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ආර්ථික සංවර්ධන මණ්ඩලයන්හි නිලධාරීහුද සහභාගී වී සිටියහ.
වන්නි - රොමේෂ් මධුෂංඛ
No comments:
Post a Comment