ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විටදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 5 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටියි.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 116 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 64 ක් බැගින් රැස් කරගෙන සිටිති. ඔහුන් දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 189 ක සබඳතාවක් පවත්වා ගැනීමට සමත්ව සිටිති.
මෙය ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකදී හයවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවේ. මීට පෙර 2011 වර්ෂයේදී ගාල්ලේදී පැවති තරගයකදී මහේල ජයවර්ධන හා ඇන්ජලෝ මැතිව්ස් හයවැනි කඩුල්ල වෙනුවෙන් දැක්වූ ලකුණු 142 ක සබඳතාව ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් දැක්විණි.
ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කළද ශ්‍රී ලංකා පළමු කඩුළු 5 ලකුණු 26 කදී බිඳ හෙළීමට ඔසටේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 214ක් දක්වා රැගෙන යාමට ධනංජය හා චන්දිමාල් සමත්වූහ.
Saturday, August 13, 2016

ධනංජය හා චන්දිමාල් ඔස්ටේලියාවට හිසරදයක් වෙති…
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment