ටෙස්‌ට් ශ්‍රේණියේ අංක එකේ වැජඹෙමින් සිටින ඕස්ට්‍රේලියාවට තරගාවලි පරාජයක් අත්කර දුන් ශ්‍රී ලංකාව තෙවැනි සහ අවසන් ටෙස්‌ට් ක්‍රිකට් තරගයට අද (13) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සහභාගි වනවා.
නමුත් වත්මන් වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන චම්පක රාමනායක ලබන සැප්තැම්බර් මාසයේ සිට බංග්ලාදේශ ක්‍රිකට් කණ්‌ඩායමේ වේග පන්දු පුහුණු තනතුර භාර ගැනීමට නියමිතව තිබෙන බව මේ අතර වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් දැනුවත්ව නොමැති බවයි පැවසෙන්නේ.
චම්පක රාමනායක අද දිනයේත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ලබන අතර ඕස්ට්‍රේලියානු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවසන් වූ වහාම එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දෙනු ඇති බවයි කණ්ඩායමේ ආරංචි මාර්ග පවසන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ චම්පක අතර පවතින කොන්ත්‍රාත්තුව ලබන 2017 වසරේ ජූලි මස දක්‌වා ක්‍රියාත්මකව පවතින නමුත් එම ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ අයිතිය ඔහුගේ අභිමතය පරිදි ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.
Saturday, August 13, 2016

ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් ගෙනදුන් පුහුණුකරු කණ්ඩායම හැර යාමේ සුදානමක්?
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment