පළාත් පාලන මැතිවරණය තවත් කල් යන ලකුණු? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 13, 2016

පළාත් පාලන මැතිවරණය තවත් කල් යන ලකුණු?

දැනට ඇති පළාත් පාලන පනත යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි යයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයට ලිඛිතව දන්වා ඇත.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඒ බව තහවුරු කරමින් කියා සිටියේ දැනට ඇති පනතේ විවිධ නෛතික වැරදි හැටකට වඩා තාක්ෂණික ගැටලූ 20කට වඩා සංඛ්‍යාවක් සහ දේශපාලන ගැටලූ ගණනාවක්ද ඇති බවය.


අදාල පනත සංශෝධනය කිරීමට කොපමණ කලක් ගතවේදැයි අනාවැකි කිව නොහැකි බවද පවසන ඇමති ෆයිසර් මුස්තාපා 2017 වසරේ මුල්භාගයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඉලක්ක කරගෙන සංශෝධන සකස් කරමින් සිටින බවද කීය.

No comments:

Post a Comment

Post Bottom Ad